Monday 28 November 2022

අම්මෙක්ට දුවෙක් මිස

පුතෙක් ගෙන් කුමන පල

දුකක් කියනට

කියා හඬනට

සතුටු දවසට

හිනා පුරනට

හැමදාම ඔය හිත

ලඟම ඉන්න දූ

අම්මෙ මං දවසක

1995


 අම්මෙ අද අන්තිමම දවසයි

සසරෙ කොහේ හෝ
මගෙම වෙන්නැති
මේ තරම් දුක
ඒක වෙන්නැති

හිතේ හැටියට අඬන්නට වත්
පිනක් නැති මං
අම්මෙ ඔබෙ නොදුටු දූ....

21/11/22

පන්සලේ සුදු ඇඳුම් අතරේ

අම්මෙ මං නුඹ සොයනවා

නුඹෙ දෝණි වෙන්නට

මැවූ හීනෙට

තාම මට දුක හිතෙනවා

 

හීන මියැදී බෝ කලක් දැන්

ඒත් තවමත් මටම පුදුමයි

නුඹ හිටපු තැන් වල

හුස්ම ගැහි ගැහි

ඒ හීන තව පණ අදිනවා

 

හිමි කමක් නැතුවත්

දෝණි වන්නට

තාම මං මඟ බලනවා

 

2015


 නංගියේ..

මම නුඹට ණය ගැතියි
මගේ පණ නුඹ ලඟයි
හිත රිදෙන තැන් වලදි
ඉරිසියා කෙරුවාට
මං නුඹට ආදරෙයි.
මගේ සුදු අම්මාට
අවසාන හුස්ම පොද පිදූ
දිව්ය ලඳ නුඹ තමයි
ඉතින් අද
තුරුලු වී හඬන්නට
ඔය පපුවෙ අයිතියත් නුඹටමයි
හැමදාම මට උරුම
තනිව ගුලිවී හැඬුම
දැන් හොඳටම හුරුයි
ඒත් අද නම්
හිත හොඳටම බරයි
මට මං ගැන හරි දුකයි
හිත පුපුරවන, කකියවන
මේ දුක කියන්නට
කවුරුත්ම නැති හැටි
අඬන්නට වත්
අයිතියක් නැති හැටි..
23/11/22

හදවත

දැවෙන

කකියවන

මේ දුක

කිසිම දවසක,

ආත්මක 

ඔයාට දැනෙන්න එපා මැණික..

28/11/22


ඉස්සරත් ගොඩක් දුක් වින්දා, ඇඬුව

ඒත් මෙහෙම පපුව රිදෙනව මතක නෑ

මං හිතන්නෙ මගේ හිතටත් දැන්

හොදටෝම මහන්සියි